27 Jun 2015
මහ මැතිවරණය අගෝස්තු 17
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණය පරිදි ඊයේ (26) මධ්‍යම රාත්‍රීයේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. ඒ සඳහා වු අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1920/38 අංකය යටතේයි.
පාර්ලිමේන්තුව විසුරුවීමෙන් පසු ගැසට් නිවේදනයට අනුව මහමැතිවරණය පැවැත්වෙන දිනය ලෙස සටහන්ව ඇත්තේ අගෝස්තු 17 වන දායි.
ඒ සඳහා නාමයෝජනා භාරගැනීමට ජුලි මස 06 වැනිදා සිට ජුලි මස 13 වැනිදා දක්වා දින නියම කර තිබේ. නව පාර්ලිමේන්තුව සැප්තැම්බර් මස 01 වැනිදා පළමු වරට රැස්විය යුතු බවද මෙම ගැසට් නිවේදනයේ සඳහන්.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වු ගැසට් නිවේදනය පහතින්…