මළගෙවල් මගුල් ගෙවල් අංක එක නම් පාර්ලිමේන්තු එන්න එපා

null

මන්ත්‍රීවරුන්ගේ මහජන දිනය සති අන්තයට හෝ සඳුදා දිනයට යොදාගන්නා ලෙසත්, මන්ත්‍රීවරුන් තම ප්‍රදේශයේ මළගෙවල්, මගුල් ගෙවල් සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා නම් පාර්ලිමේන්තු නොපැමිණ පළාත් සභාවේ හෝ ප්‍රාදේශීය සභාවේ රැඳී සිටිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අභිනව පාර්ලිමේන්තුවට තේරීපත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පවත්වනු ලබන දැනුම්වත් කිරීමේ වැඩමුළුවට ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ (10) එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී මේ බව පවසා තිබේ.

ඔහු වැඩි දුරටත් මෙසේද සඳහන් කර තිබේ…

“ආණ්ඩු පක්ෂයේ වේවා විරුද්ධ පක්ෂයේ වේවා, අනිකුත් පක්ෂ වල වේවා තමන්ට වැඩ කටයතු කරන්න ජනතාව බලාපොරොත්තු වු පාර්ලිමේන්තුවක. ඒ නිසා අපට විශේෂ වගකීමක් පැවරී තිබෙනවා. පාර්ලිමේන්තුවට අලුතින් තේරිපත් වු මන්ත්‍රිවරුන් මේ වැඩමුළුවට සහභාගි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
සැප්තැම්බර් 22දාට කලින් එහෙම සම්පුර්ණ වැඩසටහනක යෙදිලා නැත්නම් එන අවුරුද්දට ඒ මන්ත්‍රිතුමන්ලා වෙනුවෙන් විමධ්‍යගත අයවැයට මුදල් වෙන්කරන්න අප බලාපොරොත්තු වෙන්නේ නැ. ජන්ද දායකයා අප පාර්ලිමේන්තුවට යැව්වේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරන්න දී එය ඉටුකරන්න බැරිනම් විමධ්‍යගත අරමුදල් ලබාදිමේ කිසිදු ප්‍රයෝජනයක් නැහැ.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>