මළසිරුර දින 7ක් තබාගත් හේතුව ලංකා හොස්පිටල්ස් කියයි
තිලක් දළුවත්ත රෝගියාගේ මරණය සම්බන්ධයෙන් රෝහල පාර්ශ්වයෙන් කිසිදු වෛද්‍යමය නොසැලකිල්ලක් සිදු නොවූ බව වෛද්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය විමල් කරඳගොඩ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මියගිය තිලක් දළුවත්ත මහතා රෝහලට ඇතුළත් කරන විට වෛද්‍ය වාර්තාවල සඳහන් වූයේ ඔහු අධි අවදානම් සහිත රෝගියෙකු බවයි. පසුගිය සැප්තැම්බර් මස 11 වැනිදා රෝගියා මියගියේ විශේෂිත වූ සංකූලතා රැසක් මතුවීම නිසා බව ලංකා හොස්පිටල්ස් පෙන්වා දෙයි.
රෝගියාගේ ගාස්තුවෙන් කොටසක් ගෙවීමට ඉන්පසු ඔහුගේ ඥාතීන්ට අවස්ථාව ලබාදුන් අතර ඉතිරි මුදල ගෙවීමේ කාලසීමාව දීර්ඝ කර දීමටද රෝහල අනුකූලතාව දැක් වූ බව වෛද්‍ය විමල් කරඳගොඩ මහතා ප්‍රකාශ කරයි.
එ් සඳහා මාස හයක කල් ලබාදීමක් සිදු කළද රෝගියාගේ ඥාතීන් නාරාහේන්පිට පොලිසියට ගොස් පැමිණිල්ලක් සිදු කිරීම හේතුවෙන් පොලීසිය එම කාරණය උසාවියට රැගෙන ගොස්, මළ සිරුර නිදහස් කිරීමේ කි‍්‍රයාවලිය ප්‍රමාද වූ බව රෝහලේ වෛද්‍ය සේවා අධ්යක්ෂවරයා සිය නිවේදනය මගින් පෙන්වා දෙයි.
එමෙන්ම තිලක් දළුවත්ත රෝගියාගේ මෘත ශරීරය නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන කොමිසම එ්කාබද්ධව පවත්වන පරීක්ෂණය සඳහා ලංකා හොස්පිටල්ස් පූර්ණ සහාය ලබාදෙන බවද හෙතෙම සඳහන් කරයි.
පෙර පළවූ පුවත පහතින්.