මළ සිරුරක් කිලෝමීටර 17ක් දුර ඇදගෙන ගිය වාහනය සොයාගැනේ

null

ඉකුත් 06 වැනිදා ගම්පොළ කඩුගන්නාව, පොදු වෙළෙඳ සංකීර්ණය අසල තිබි සොයාගැනුණු මළසිරුර නාවලපිටියේ සිට කිලෝමීටර් 17ක් දුර ඇදගෙන ගොස් තිබු වෑන් රථය ගම්පොළ පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

සී.සී.ටී.වි කැමරා පද්ධතිය තුළ පටිගත වී තිබු දර්ශන අනුව පරීක්ෂණ පවත්වමින් සිටි පොලිසිය දින 03 කට පසු මෙම වෑන් රථය සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

වෑන් රථය පොලිස් බාරයට ගෙන ඇති අතර එහි රියදුරා පවසා ඇත්තේ එය කුලී පදනම මත ලබාගත් වෑන් රථයක් බවයි.

පසුගිය 06 වන දා නාවලපිටිය නගරයට ආසන්නව පිහිටි දුම්රිය මාර්ගයට නුදුරින් මළ සිරුරක් ඇති බවට බස් රථ රියදුරෙකු විසින් පොලිසියට දැනුම් දී තිබුණි. නමුත් පොලිස් නිලධාරීන් පැමිණෙන විටදී මළසිරුර එහි තිබී නොමැති අතර මාර්ගයේ දිගට සිරුර ඇදගෙන ගිය ලේ පැල්ලම් තිබී ඇත. ඒ අනුව ගොස් මළසිරුර සොයාගෙන තිබුනේ කිලෝමීටර් 17ක් දුරින් ගම්පොල නගරයේ තිබියදීය.

පොලිසිය සැක පළ කලේ වාහනයක ඇමිණී මෙපමණ දුර මළසිරුර ඇදී යන්නට ඇති බවය. පසුව මාර්ගය දෙපස සි.සි.ටි.වී කැමරා පද්ධතිය පරික්ෂා කිරීමෙන් එය තහවුරු වී තිබේ.

මෙය අනතුරකද ඝාතනයක්ද යන්න ගැන පොලිසිය ඉදිරි පරීක්ෂණ පවත්වයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>