මාතර රැලියට හොරෙන්ම ආපු මහින්ද ජනතාව අතර ඉඳලා

null

මහින්ද සමඟ නැගිටිමු – මහින්ද සුළඟ, නිල්වලා සටන යන තේමාව යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා කළ යුතු බවට ප්‍රකාශ කරන 05 වන ජනරැළිය ඊයේ (12) මාතරදී පැවැත්විණි.

එහිදී ජන රැළියට එක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිළ කියා සිටියේ මාතර ජන රැළිය දිරිමත් කරන්නට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද මාතරට පැමිණ සිටින බවයි.

එසේ පැමිණෙමින් අප දිරිමත් කිරීම ගැන මහින්ද රාජපක්ෂ මහතාට ‍බොහෝම පිං යැයි ද ඒ මහතා එහිදී පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා මාතර – කොටුපවුර මත සිට ජනතාව සමඟ එක්ව ජන රැළිය නරඹා තිබේ. පසුව ඔහු වේදිකාව අසළින් යද්දී රැස්ව සිටි ජනතාව මහත් ඕනෑකමින් ඒ දෙස බලමින් ඔහුට ආචාර කරන අයුරුද දැක ගත හැකි විය.

කෙසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා වේදිකාවට ‍ගොඩ නොවි ජනතාවට සමුදෙමින් ආපසු යන්නට ගියේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>