28 Feb 2015
මාතර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
මාතර – වල්ගම මහානාම විද්‍යාලය අසළ දී ඊයේ රාත්‍රියේ ව්‍යාපාරික පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙන බව වාර්තා වෙයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කර ඇත්තේ ඊයේ (27) රාත්‍රී 8.00ට පමණ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී නාඳුනන පිරිසක් මෙලෙස මොහුට වෙඩි තබා ඇති බවයි.
වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 40 හැවිරිදි සමර දිවාකර මොහොට්ටිගේ රංග ඉඳුනිල් නමැති විවාහක පුද්ගලයෙකු වන අතර ඔහු වල්ලගම ප්‍රදේශයේ කුලී පදනම මත හෝටලයක් පවත්වාගෙන ගිය අයෙකි .
වෙඩි වැදීමෙන් මියගිය අයගේ දේහය මේ වනවිට මාතර මහරෝහලේ තබා ඇති අතර වෙඩි තබා පලාගිය පුද්ගලයින් සොයා මාතර පොලිසිය පරීක්ෂණ අරඹා කර ඇත .
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.