31 Oct 2015
මාතර සංගීතයක ගැටුමකින් 12 හැවිරිදි දරුවෙක් මරුට
මාතර, තිහගොඩ ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදීමෙන් වයස අවුරුදු 12ක ළමයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද අළුයම 1.15 ට පමණ ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
මාතර, තිහගොඩ, කපුවත්ත ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් සිදුවූ ගැටුමකකින් ඝාතනය සිදුව ඇති බව සඳහන්ය.
ගැටුමේදී තියුණූ ආයුධයක් ඇනීමෙන් 20 හැවිරිදි තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය පැවසුවේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.