මාතලේ සමූහ මිනීවළෙන් හමුවූ අස්ථි වසර 63 කට වඩා පැරණියි

null

මාතලේ සමූහ මිනීවළෙන් මතුවූ මානව අස්ථි 1951 වසරට පෙර ඒවා බව මාතලේ මහේස්ත්‍රාත් සහ අතිරේක දිසාවිනිසුරු සම්පත් ගමගේ මහතා ඊයේ(18දා) සඳහන් කළේය. ඒ ඇමරිකාව සිදුකළ පරීක්ෂණයේ වාර්තාව අධිකරණය වෙත ලබාදීමෙන් පසුවය.

මෙම අස්ථි කොටස් ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ බීටා එනලයිටික්ස් පුරාවිද්‍යා කෞතුක රසායනාගාරයට යවා තිබුනේ කාලනිර්ණය කිරීම සඳහාය. ඒ අනුව ඔවුන් සිදුකරන ලද කාලනිර්ණ පරීක්ෂණයේන් පසු මුද්‍රා තබා එවන ලද වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබුන අතර පසුව ඉකුත් 04 වැනිදා එම වාර්තාව මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට බාරදුන්නේය.

මෙම වාර්තාව පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනය කොට කාලනිර්ණය පිළිබඳ නියෝගයක් දෙන බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රකාශ කළේය.

මාතලේ හිටපු අධිකරණ විශේඥ වෛද්‍ය අජිත් ජයසේන මහතා මෙම අස්ථි පිළිබඳ ගවේශණාත්මක පරීක්ෂණයක් සිදුකොට මෙම අස්ථි වධබන්දනවලට ලක්වුණු මානව අස්ථි බවට නිගමනය කර තිබේ.

නඩුවේ තීන්දුව එළඹෙන දෙසැම්බර් 5 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමටද නියමිත බව වාර්තා වේ.

2012 වසරේ නොවැම්බර් මස 23 වැනිදා මාතලේ රෝහල් භූමියෙන් මෙම සමූහ මිනීවල සොයාගත්තේ එහි ජීව වායු ඒකකයක් ඉදිකිරීම සඳහා සිදුකළ කැණීම්වලදියි.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>