මාතලේ සමූහ මිනීවළ 1950ට පෙර එකක්‌ලු

null

මාතලේ දිස්‌ත්‍රික්‌ මහ රෝහල් භූමියෙන් සොයා ගත් සමූහ මිනීවළ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය පිරිසගේ නිරීක්‍ෂණයට ලක්‌විය. මෙම කණ්‌ඩායම විසින් සමූහ මිනීවළ පිළිබඳව කළ නිරීක්‍ෂණයන් සමඟ යළි කථාබහ ආන්දෝලනයට ලක්‌ වෙමින් පවතී.

රෝහලේ ජීව වායු ඒකකයක්‌ ඉදිකිරීමට කළ කැණීමකදී මෙම සමූහ මිනීවළ හමුවූ අතර එහිදී මිනිස්‌ අස්‌ථි කොටස්‌ 154ක්‌, ලෝහ මුදු, අඟුරු කැබලි කොටස්‌ කිහිපයක්ද සොයාගෙන තිබුණි.

මාතලේ මහෙස්‌ත්‍රාත් අධිකරණ නියෝග මත මෙහි කැණීම් කටයුතු ආරම්භ කළ අතර එවකට මාතලේ දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් අධ්‍යයන අංශයේ මහාචාර්ය රාඡ් සෝමදේව යන මහත්වරුන් ප්‍රමුඛ විශේෂඥ කණ්‌ඩායමක්‌ මෙහි කැණීම් කටයුතු සිදු කළහ.

කැණිම්වලදී හමු වූ මානව අස්‌ථි කොටස්‌ සහ සෙසු කොටස්‌ අධිකරණ නියෝග අනුව ඇමරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ රසායනාගාරයකින් කාලනිර්ණ පරීක්ෂාවකට ලක්කර වාර්තාවක්‌ අධිකරණය වෙත කැඳවා තිබේ. එම වාර්තාවට අනුව මාතලේ සමූහ මිනී වළෙන් හමුවූ මිනිස් අස්ථි 1950 ට පෙර ඒවා බවට වාර්තා කර තිබේ.

2012 වසරේ නොවැම්බර් මස 23 දින සොයාගැනුණු මෙම සමූහ මිනීවළ සම්බන්ධයෙන් නොයෙක් අදහස් පලවිය. මෙම මළ සිරුරු 1988/89 භීෂණ සමයේ දී ඝාතනය කෙරුණු පුද්ගලයන් බවයි, ජනතා විමුක්ති පෙරමුණ පැවසුවේ. එමෙන්ම 1848 මාතලේ කැරැල්ලේදී ඝාතනය වූ පුද්ගලයින්ගේ හෝ 1915 ඇතිවුණු සිංහල – මරක්කල කොලාහලයේදී මියගිය පිරිසගේ අස්ති වියහැකි බවට මතද පළවිය.

ඊට අමතරව 1947 වසරේදී මාතලේ ප්‍රදේශයේ පැතිරගිය වසූරිය වසංගතයට ගොදුරුව මියගිය පිරිසගේ ඇටසැකිළි වියහැකි බවටද මතයක් විය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>