මාදුළුවාවේ සෝභිත හිමි අපවත්වෙයි

null

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අද අළුයම අපවත්වී තිබේ. උන්වහන්සේ විහාරාධිපති ධුරය දැරූ කෝට්ටේ ශ්‍රී නාග විහාරය සෝභිත හිමියන්ගේ අපවත්වීම සනාථ කර ඇත.

උන් වහන්සේගේ දේහය අද දින උදෑසන 9.15 ට UL309 දරණ ගුවන් යානයෙන් ලංකාවට වැඩම විමට නියමිත බව සදහන් වේ.

දැඩි සේ රෝගාතුරු වූ සෝභිත හිමියන් මාලඹෙ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් පසුව සිංගප්පූරුව බලා කැටුව ගොස් තිබිණි.

අපවත්වන විට වයස අවුරුදු 73 ක් වූ මාදුළුවාවේ සෝභිත හිමියන් සිංගප්පූරුවේ වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන ගියේ හෘදයාබාධයකට මෙරටදී ප්‍රතිකාර කිරීමෙන් අනතුරුවයි.

මේ අතර සොභිත හිමියන්ගේ දේහය පිළිබද අවසන් කටහයුතු පුර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>