මානව හිමිකම් වාර්තාවට ලංකාවෙන් පිළිතුරු

null

ශී‍්‍ර ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝණය වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විමර්ශන වාර්තාවට ශ්‍රී ලංකා රජය ද ප්‍රතිචාර දක්වා තිබේ.

මෙම වාර්තාව ගැන ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ ජනවාරි 08 වනදායින් පසු මානව හිමිකම් ආරක්ෂා කිරීමට, නීතියේ ආධිපත්‍ය, යහපාලනය සහ යුක්තිය තහවුරු කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියා මාර්ග අගයමින් මානව හිමිකම් කොමසාරිස්වරයා දැක්වූ ප්‍රතිචාර අගය කරන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කෙරුණු විමර්ශනය මානව හිමිකම් විමර්ශනයක් මිස අපරාධ විමර්ශනයක් නොවන බවට කෙරුණු සදහනද මෙහිදී විශේෂයෙන් උපුටා දක්වා තිබේ.

එහිදී ගැටුම්වල වින්දිතයන්, විවිධ ජන කොටස්, දේශපාලන පක්‍ෂ, සිවිල් කි‍්‍රයාකාරීන්, හමුදාව හා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය වැනි සියලු පාර්ශව සමග සංවාදයක් ඇති කර ගැනීමට කි‍්‍රයා කරන බවද අදාළ පිළිතුරු ලිපියේ සදහන් වනවා. ඉදිරිපත් කෙරුණු වාර්තාවේ ඇතුළත් කරුණු සහ නිර්දේශ කෙරෙහි ද ප‍්‍රමාණවත් සැලකිල්ලක් දක්වන බව එහි සඳහන්.

තවද සිදු වූ වැරදි නැවත ඇති නොවීමට වගබලා ගන්නා බවද යළි අවධාරණය කරන බවත් ඉන් පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජගත් මානව හිමිකම් වාර්තාවේ එල්ල කර ඇති චෝදනා කරුණු 08 කින් සමන්විත වනවා. නීති විරෝධී මිනිමැරුම්, ලිංගික සහ ස්ත්‍රී පුරුෂභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය, බලහත්කාරයෙන් සිදුකරන ලද අතුරුදන් කිරීම්, වධහිංසා සහ වෙනත් ආකාරයේ කුරිරු අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්ද ඊට අයත්.

මෙලෙස බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නිසා ජාත්‍යන්තර විනිශ්චයකරුවන්, අභිචෝදකයන් හෙවත් චෝදනා නගන්නන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඇතුළත් විශේෂ මිශ්‍ර උසාවියක් පිහිටුවන ලෙස ජගත් මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට නිර්දේශ කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>