මාමාව කුකුල් කූඩුවක දමා කන්න දුන් බෑණා

null

පොළොන්නරුව – කුරුප්පු හංදිය ප්‍රදේශයේ පිහිටි නිවසක් පිටුපස කුකුළු කූඩුවක් තුළ වසර 8ක් තිස්සේ ජිවත් වන 70 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (14) පොළොන්නරුව පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ඥාති පුතෙකු විසින් සිය මාමා වන එම වියපත් පුද්ගලයා එසේ කුකුළු කූඩුවේ රඳවා ඇති අතර ඔහු තදින් දුම්පානයට පුරුදු වී සිටින නිසා කුකුළු කූඩුවේ නිදහසේ ජීවත් වීමට ඉඩ කඩ සලස්‌වාදී ඇති බව පොලිසියට සඳහන් කර ඇත.

මෙම කුකුළු කූඩුව දිගින් අඩි 09 ක්‌ පමණ සහ පළලින් අඩි 4 ක්‌ වන බවද පොලිසිය සඳහන් කළේය.

මේ අතර එම වයෝවෘද්ධ පුද්ගලයා පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ තමන් සිය කැමැත්තෙන් මෙම කුකුළු කූඩුව තුළ ජීවත් වන බවයි. අවශ්‍ය ආහාර පාන සියල්ල නිවැසියන් තමන්ට ලබා දෙන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

මින් ඉදිරියට එම වයෝවෘද්ධ තැනැත්තා කුකුළු කූඩුවේ රඳවා නොතබන ලෙසත් කුකුළු කූඩුව කඩා ඉවත් කරන ලෙසත් පොලිසිය එම වයස්‌ගත පුද්ගලයාගේ ඥාතීන්ට උපදෙස්‌ ලබාදී තිබේ.

null
null
null

(Pics – Hiru gossip)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>