මාර්ග තදබදය අවම කිරීමට නව නීති

null

රට පුරා මාර්ගවල පවතින මාර්ග තදබදය අවම කිරීමට ඉදිරියේදී පංචවිධි ක්‍රමවේදයක් හඳුන්වාදීමට නියමිතව තිබේ.

මහජන නීතිය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා ඊයේ (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබේ.

මේ අනුව බස්රථ, ලොරි රථ, ත්‍රිරෝද රථ යතුරු පැදි වම් පැත්තෙන් මාවත තීරුවෙන් ධාවනය කළ යුතු බවත්, මෙම නීතිය දැනට කොළඹ ප්‍රදේශය තුළ ක්‍රියාත්මක බවද ඔහු පවසා සිටියේය.

ඉදිරි දින කිහිපය තුළ ලංකාව පුරාම මෙම නීතිය ඇතුළත්ව නව නීති පහක් ක්‍රියාත්මක කරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

ඒවා මෙසේය…

එකම අවස්ථාවකදී වාහන දෙකක් ඉස්සර කළ නොහැක, මීට අමතරව වම් පැත්තෙන් වාහන ඉස්සර කළ නොහැක, මාර්ගය අවට වාහන නවතා තැබීමේදී කිසිදු මංතීරුවක් අවහිර කළ නොහැක, මගී බස්රථ මගීන් බැස්සවීමට සහ බස්රථය ගොඩකර ගැනීමට බස්රථ නැවත්විය හැක්කේ බස් නැවතුම්පොළ තුළ පමණි.

අද පුවත් වාර්තා කරන පරිදි මෙම නීති 05 ඇතුළත් කාඩ්පතක් සෑම රියදුරෙකුටම ඉදිරියේදී ලබාදෙන බවත්, මෙම නීති උල්ලංඝනය කරන්නන්ට එක් නීතියකට රුපියල් 500 ක දඩයක් නියම කිරීමටත් සැලසුම් කර තිබෙන බවද ලේකම්වරයා සඳහන් කර ඇත. මීට අමතරව එක් වරදකට ලකුණු 04 ක් අඩුකරනු ඇත.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>