මාලකට ඇප නොලැබේ

null

බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ඇප ලබාදීම ලබන 17 වැනිදාට කල්ගොස් තිබේ.

පසුගියදා බම්බලපිටිය RMB සමාජ ශාලාවේදී විදේශීය යුවතියක් සමග අනවශ්‍ය අයුරින් හැසිරීමට තැත් කල මාලකට එම යුවතිය පහරදී තිබේ ඉන්පසුව මාලක එම යුවතියට පහරදී ඇති අතර මෙයින් කෝපවූ ඇයගේ බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතා මාලකට පහරදී තිබේ. අනතුරුව මෙයට මැදිහත්වූ මාලකගේ ආරක්ෂකයින් බ්‍රිතාන්‍ය ජාතික යුවළ පෙරළාගෙන දැඩි ලෙස පහරදී තිබේ.

ඔවුන් මේ පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් සිදුකර නොමැති අතර පසුව පොලිසියට පවසා තිබුනේ තංගල්ලේ සිදුවූ දේ වැනි දෙයක් තමන්ටත් සිදුවේදෝ බියවූ නිසා නිහඬව සිටි බවයි.

ඔවුන්ට පහරදුන් අය දුටුවහොත් හඳුනාගැනීමට හැකි බවද ඔවුන් පවසා තිබේ.

සැකකාර මාලක සිල්වා එකී ගැටුමේදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අද කියා සිටියේ මාලක හඳුනා ගැනීමේ පෙරට්ටුවක් අවශ්‍ය නැති බැවින් ඔහුට ඇප ලබාදෙන ලෙසයි.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතිරේක මහේස්‍ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා පවසා ඇත්තේ මාලක හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බැවින් අද ඇප ලබාදිය නොහැකි බවයි.

ඒ අනූව එම ඉල්ලීම ලබන 17 වැනිදා යළි සලකා බැලීමට හැකි බව අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>