මාලක ඇතුළු පිරිස යලි රිමාන්ඩ්

null

කොළඹ – ඩුප්ලිකේෂන් පාරේ රාති‍්‍ර සමාජ ශාලාවකදී විදේශීය යුවලකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මාලක සිල්වා ඇතුළු සැකකරුවන් 7 දෙනා ලබන 28 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවට පහරකෑමට ලක්වූ බව කියන බි‍්‍රතාන්‍ය ජාතික යුවළ අද දිනයේ ද පැමිණ සිටි නොමැත. ඒ අනුව හඳුනා ගැනීමේ පෙරට්ටුව ද ලබන 28 වෙනිදා පැවැත්වීමට අතිරේක මහේස්ත‍්‍රාත් මොහොමඞ් සහබ්දීන් මහතා නියෝග කළේය.

පසුගිය 18 වැනිදාද හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමට නියමිතව තිබූ අතර බ්‍රිතාන්‍ය යුවළ එදින ද නොපැමිණ සිටි නිසා මහේස්ත්‍රාත්වරයා එහිදී කියා සිටියේ ලබන 25 වැනිදා ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට නොපැමිණියහොත් පෙරට්ටුව අවලංගු කරන බවයි.

කෙසේ වෙතත් එය ලබන 28 වැනිදාට කල් තබා තිබේ.

ඇමති මර්වින් සිල්වාද බලාපොරොත්තු සුන්වී අධිකරණ භූමියෙන් පිටව ගිය බව වාර්තා වන අතර එහිදී ආණ්ඩුවෙන් ඉවත් වන බවට පැතිර යන කටකතා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසීමක් කර තිබේ. ඊට ප‍්‍රතිචාර දැක් වූ මර්වින් සිල්වා මහතා පවසා ඇත්තේ තමන් ආණ්ඩුවෙන් ඉවත් නොවන බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>