මාලක ක්ලබ් යන්න අවසර ඉල්ලයි

null

සමාජ ශාලාවලට යාමට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට එරෙහිව පවරා ඇති නඩුවකදී කොළඹ මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මියගෙන් අද ඉල්ලීමක් කර තිබේ.

බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහරදුන් සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ මාලක සිල්වා වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා සඳහන් කර ඇත්තේ සැකකරුට ඇප නියම කිරීමේදී රාත්‍රී සමාජ ශාලා වලට යාම තහනම් කරමින් ඇප කොන්දේසියක් නිකුත් කර ඇති බවත්, එය මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවත් ය.

අදාල ඉල්ලීම දිවුරුම් පෙත්සමක් මඟින් ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය නඩුව ලබන 23 වැනිදාට කල් තබා තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>