මාලක සිල්වාට විදේශිකයකුගෙන් ප්‍රහාරයක්

null

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා පහරදීමකට ලක්ව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටින බව වාර්තා වේ. අද(01) උදෑසන 3.00ට පමණ කොළඹ, ඩුප්ලිකේෂන් පාරේ රාත්‍රී සමාජ ශාලාවකදී අදාළ පහරදීම සිදුවී ඇති බව පොලීසිය පවසයි.

සුළු බහින්බස් වීමකින් පසු ස්කොට්ලන්ත ජාතිකයෙකු විසින් අදාළ පහරදීම සිදුකළ බව පොලිසියට ලැබුණු පැමිණිල්ලේ දැක්වෙනවා. මාලක සිල්වා මහතාගේ මිත‍්‍රයෙකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි පොලිස් ආරංචි කියා සිටියේය.

පහරකෑමෙන් සුළු තුවාල සිදුවු මාලක සිල්වා මහතා රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

පහරදුන් පුද්ලගයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>