මාලක සිල්වා රිමාන්ඩ්

null

කොළඹ රාත‍්‍රී සමාජ ශාලාවකදී පහරකෑමකට ලක් වූ බව කියන අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා නොවැම්බර් මස 4 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. විදෙස් සංචාරක යුවළකට පහරදීමක් සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පැමිණිල්ලක් මත කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මාලක සිල්වා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

කොලඹ, ඩුප්ලිකේෂන් පාරේ පිහිටි සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතිකයෙකු පහර දුන් බව පවසා ඔහු රෝහල් ගත වීමෙන් අනතුරුව පොලිසියේ පැමිණිල්ලක්ද සිදු කර තිබේ. පොලිස් පරීක්ෂණ වලට අනුව මාලක සිල්වා විසින් ස්කොට්ලන්ත ජාතික යුවලට පහරදී ඇති බවත් එම යුවල සොයා බැලීමේදී ඔවුන්ට තුවාල සිදුවී පහරකෑමකට ලක්වී ඇති බවත් තහවුරු වී තිබේ. ඒ පිළිබඳ එම විදේශීය යුවළගේ පැමිණිල්ලක් මත පරීක්ෂණ පැවැත් වූ කොළඹ අපරාධ කොට්ඨාසය මාලක සිල්වා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බව වාර්තා වේ.

දෙරණ වෙබ් අඩවියේ සඳහන් වන්නේ මලක සිල්වා අදාල ස්කොට්ලන්ත ජාතික කාන්තාවට අනවශ්‍ය බලපෑම් කිරීමෙන් ඇයගේ සහකරු විසින් මාලකට පහරදී ඇති බවයි. එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වී ඇති මාලක සිල්වාගේ ආරක්ෂකයින් අදාළ සංචාරයාට පහරදී ඇති බවත්, පසුව දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති බවත් සඳහන්ය.

මෙම සිදුවීමෙන් පසුව තමාට ස්කොට්ලන්ත යුවල විසින් පහරදුන් බව කියමින් මාලක සිල්වා රෝහල්ගත වී තිබුණි. මේ සම්බන්ධව අදහස් දක්වන මර්වින් සිල්වා අමාත්‍යවරයා පවසන්නේ තමාගේ පුතාට ඉතාමත් අසාධ්‍ය බවකි. ඒ බැව් සඳහන් කරමින් අමාත්‍යවරයා මාධ්‍යය වෙත පවසා තිබුනේ මෙවැන්නකි.

“සෙනසුරු මාරුවට දවසකට ඉස්සෙල්ලා අපිට කරදරක් වෙයි කියලා මම දැනගෙන හිටියා. පුතාට හුඟක් තුවාලයි. දැන් කල්පනා කළා සිංගප්පූරුවට එක්ක යන්න. මගේ පැත්තෙන් තියෙන්නේ පුතා හොඳ කරගන්න සිංගප්පූරුවට යන්න. එහෙම නැත්නම් වැඩේ බැරිනම් මල් ශාලාවට යන එකයි. මං ඒ දෙකට ලෑස්තියි.”

පහරකෑමට ලක්වූ බව කියන මාලක සිල්වා පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ පෞද්ගලික රෝහලක මේ වන විට ප‍්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>