මාලදිවයින් ජනපති ඝාතන සිද්ධියේ සැකකරුවෙක් ලංකාවේ

null

මාලදිවයින ජනාධිපති අබ්දුල්ලා යාමින් මහතා ගමන් ගත් යාත්‍රවේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (01) දෙහිවල – නැදිමාල ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන අතර සැකකරු මාලදිවයින ජාතිකයෙකු බවත් වාර්තා වෙයි.

මාලදිවයින් ජනාධීපති අබ්දුල් යමීන් සෞදි අරාබියේ සිට පැමිණෙන විට ඔහුගේ අධිවේගී බෝට්ටුව පුපුරුවා හැර ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට මීට පෙර මාලදිවයින් ජාතිකයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිටින බවත්, අදාළ සැකකරුවන් තායිලන්තයේ සහ ශ්‍රී ලාංකාවේ සැඟවී සිටින බවත් විදේශ වාර්තා අවධාරණය කරයි.

අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට ජාත්‍යන්තර පොලීසිය විසින් පරීක්ෂණ සිදුකරනු ලබයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>