මාලදිවයින් හිටපු ජනපතිට සිරදඩුවම්

null

මාලදිවයින හිටපු ජනාධිපති මොහොමඞ් නෂිඞ්ට වසර 13ක සිරදඩුවමක් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගියදා අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයාට මෙම දඬුවම ලබා දී ඇත.

මීට මාස කිහිපයකට පෙර මොහොමඞ් නෂිඞ් දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඇප මත මුදා හැරුණා. එහෙත් ඉකුත් දා ඔහු යලි අත්අඩංගුවට ගැනුණේ ත‍්‍රස්තවාදී ක‍්‍රියා සම්බන්ධයෙනුයි.

මොහොමඞ් නෂීඞ්ට ලබාදුන් සිරදඩුවමට එරෙහිව ඔහුගේ ආධාරකරුවන් දැනටමත් විරෝධතා ව්‍යාපාර ආරම්භ කර තිබෙන අතර ඔහුගේ නීතීඥවරුන් පෙන්වා දී ඇත්තේ ඔහුගේ දේශපාලන කටයුතු වළක්වාලීමේ අරමුණින් මෙම දඬුවම ලබා දී ඇති බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>