මාලදිවයිනේ හිටපු ජනපති අත්අඩංගුවට

null

මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඞ් නෂිඞ් එරට පොලිසිය විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලට සම්බන්ධවීමේ චෝදනාව යටතේයි.

ත්‍රස්ත චෝදනා මත එරට අපරාධ අධිකරණයකින් හිටපු ජනපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති අතර වත්මන් විපක්ෂ නායකවරයා වන මොහොමඩ් නෂීඩ් මහතාට රටින් පිටවීමටද තහනම් කර ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිවරයා මේ වනවිට රැඳවුම් කඳවුරක් වන දූනින්දූ දූපතට යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙර ද හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් 2013 වසරේදී ද අත්අඩංගුවට ගැණුනා. හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමත් සමඟ අතිවිශාල පිරිසක් ඔහුගේ නිවස ඉදිරිපිට මේ වනවිට රැදී සිටින බවත් ඔවුන් පොලිසිය සමඟ ගැටුම් ඇති කරගෙන ඇති බවත් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>