මාස තුනක් තුළ සෞඛ්‍ය ගැටළු විසදීමට ජනපතිගෙන් උපදෙස්
වැටුප් වැඩිකිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මේ වනවිට වර්ජනයක නිරතවන රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල නියෝජනය කරන ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ නියෝජිතයින් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ අරලියගහ මන්ධිරයේදී පැවැත්විණි.
එම සාකච්ඡා වලින් පසුව සෞඛ්‍ය වෘත්තීය සමිතිවල ගැටළු වහාම විසඳීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙ.
සෞඛ්‍ය ක්ෂේත්රයේ විවිධ ශ්‍රේණි 27 ක් නියෝජනය වන පරිදි ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව යෝජනා 5 ක් එහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙ. ඒ පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා සඳහන්කර ඇත්තේ වෘත්තීය සමිති නියෝජිතයන්ගේද අදහස් සැළකිල්ලට ගනිමින් අදාළ විසඳුම් සකස් කර මාස 3 ක් ඇතුළත ඒවා ක්‍රියාත්මක කරන ලෙසයි.
කෙසේ වෙතත් සමස්ත ලංකා සුවසේවා සංගමය අද (21) දිනයේදීත් වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව එහි කැඳවුම්කරු සමන්ත කෝරලේආරච්චි පවසයි. තම සංගමය විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළත් ඊයේ දිනයේදී ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවට තම සංගමයට ආරාධනා නොලැබුණු බව ඔහු සඳහන් කරයි.