මාස 2ක දැරියක් පෝලියෝ එන්නත ලබාදීමෙන් පසු මියයයි

null

මාස දෙක හමාරක් පමණ වයසැති තම දරුවාට පෝලියෝ එන්නත ලබාදීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බව දෙමව්පියන් චෝදනා කරයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල, මාකන්දන, වැලිතොටුව වත්ත ප්‍රදේශයේ පදිංචි දිමානි වංශජා නමැති මෙම බිළිඳිය යි.

පසුගිය 16 වන දා මෙම දැරියට පෝලියෝ එන්නත ලබාදී ඇති අතර එදින රාති‍්‍රයේම දරුවා මිය ගොස් ඇත. අදාළ එන්නත විෂවීම ඊට හේතුව බව දැරියගේ මව චෝදනා කරයි.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි පිළියන්දල – බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් මෙම එන්නත ලබාදී තිබේ. ඒ පිළිබඳව විමසීමකදී එහි වෛද්‍ය නිලධාරිනියක් සදහන් කර ඇත්තේ අදාළ සායනයේදී පෝලියෝ එන්නත ලබාදුන් සෙසු දරුවන්ට කිසිදු ගැටළුවක් මේ දක්වා මතු වී නොමැති බවයි.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>