26 Aug 2015
මාළුන්ට ආහාරයක් වීමට ගඟට පැන්න හිමිනම
මාතර – බණ්ඩත්තර පාලම අසළින් ඊයේ (25) උදෑසන නිල්වලා ගඟට පැන දිවි නසාගත් බවට සැක කෙරෙන හිමිනමගේ දේහය මාතර – හුංගම්ගොඩ තොටුපළ ආසන්නයේ ගං ඉවුරට ගොඩගසා තිබියදී අද (26) උදෑසන සොයා ගෙන තිබේ.
81ක් වියැති හිමිනම මීට පෙර ගාල්ල – බද්දේගම – කීඹිඇල වයෝවෘද්ධ භික්ෂු විවේකාශ්‍රමයේ වාසය කර ඇති අතර, පසුගියදා උන්වහන්සේගේ නිවස පිහිටි මාතර – නාදුගල ප්‍රදේශයට පැමිණ තිබුණි.
උන්වහන්සේගේ ඥාති දියණියක පවසා ඇත්තේ තම සිරුර මත්ස්‍යයින්ට ආහාරයක් වීම සඳහා ගගට පනින බවට අපවත් වූ හිමිනම මීට පෙර ප්‍රකාශ කළ බවයි.
උන්වහන්සේගේ බවට සැක කෙරෙන සිවුරක් නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් විසින් ඊයේ පස්වරුවේ සොයා ගත්තේ ගං පත්ලේ තිබියදියි. ඉන්පසු අද උදසන උන්වහන්සේගේ සිරුර සොයාගෙන තිබේ.