මා වෙනුවෙන් නිරර්ථක ආයාචනා කරනු එපා

null

ජාතික ලැයිස්තුවෙන් තමන් පාර්ලිමේන්තුවට ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලා එක්රැස්වීම හෝ නිරර්ථක ආයාචනා හෝ සිදුනොකරන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මිය පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කර තිබේ. එම නිවේදනය පහතින්…

බොහෝ කාන්තා සංවිධාන ප්‍රධාන සමාජ සමූහ රාශියක් මා නැවතත් පාර්ලිමේන්තුවට ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලමින් පක්‍ෂ නායකත්වය වෙත ආයාචනයක් කිරීම සඳහා හෙට දවසේ (25) එක්රැස්වීමට සූදානමක් ඇති බව දැනගන්නට ලැබී ඇත.

අප පක්‍ෂය ශ්‍රේෂ්ඨ උරුමයක් ඇති විනයගරුක පක්‍ෂයකි. පරාජිත අපේක්‍ෂකයින් ජාතික ලැයිස්තුවෙන් ඇතුළත් කර නොගැනීම අපගේ පක්‍ෂ ප්‍රතිපත්තියයි. ඒ ප්‍රතිපත්තිය රැකීමට අපි සියල්ල බැඳී සිටින්නෙමු. එහෙයින් එවැනි එක්රැස්වීම් හෝ නිරර්ථක ආයාචනා හෝ සිදු නොකරන ලෙස මම ඉතා කාරුණිකව ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව ගත හැකි පියවරක් ඇත. ඒ මනාප නැවත ගණන් කරන මෙන් ඉල්ලා සිටීමයි. මම පක්‍ෂ නායකතුමාගේ ද අවසරය ඇතිව ඒ ඉල්ලීම කිරීමට කටයුතු කරන්නෙමි. එහි ප්‍රතිඵලය අනුව සමහර විටෙක මට නැවත පාර්ලිමේන්තුවට යෑමට අවස්ථාව ලැබෙනු ඇත. සමහර විටෙක නොලැබෙන්නටද පිළිවන. ඒ කුමක් වුව ද, පක්‍ෂය සහ මගේ ආදරණීය ඡන්ද දායකයින් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින බව ද, රනිල් වික්‍රමසිංහ මහතා සමග දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරන බව ද අවධාරණය කර සිටින්නෙමි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>