මැතිව්ස්ට සංගාට සම්මාන

01

2014 ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන තිළිණ ප‍්‍රදානය ඊයේ රාත‍්‍රියේ පැවැත්වුණා. එහිදී වසරේ ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස්ද,ජනතාවගේ ජනප්‍රිය ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාරද සම්මානයට පාත්‍රවී තිබේ.

සංගක්කාර වසරේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය මෙවර හිමි කරගත්තේ තුන් වන වරටයි.

තවද වසරේ හොඳම ටෙස්ට් පිතිකරුවන් ලෙසද කුමාර් සංගක්කාර සහ ඇන්ජෙලෝ මැතිව්ස් සම්මාන හිමිකර ගත්හ.

මෙවර හොඳම එක්දින පිතිකරු ලෙස මෙන්ම හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස සම්මාන හිමිකර ගත්තේ ඇන්ජෙලෝ මැතිව්ස්ය.

ඊට අමතරව විස්සයි විස්ස හොඳම පිිතිකරු ලෙස කුසල් ජනිත් පෙරේරා සම්මාන හිමිකරගත් අතර විස්සයි විස්ස සහ එක්දින හොඳම පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග සම්මාන හිමිකරගත්තා.

ටෙස්ට් අංශයේ හොඳම පන්දු යවන්නා රංගන හේරත්. වසරේ නැගී එන ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙස නිරෝෂන් දික්වැල්ල ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සම්මානය හිමිකරගත්තා.

02

03

04

05

06

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>