මැතිව්ස් කෝටි 15කට අලෙවි වේ

null

8 වන ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා ඊයේ (16) පැවැති වෙන්දේසියේදී සිදුකරන ලදී.

එහිදී ශ‍්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් තුන්වෙනුව වැඩිම මිලකට එනම් ඉන්දීය රුපියල් කෝටි 7 හමාරකට දිල්ලි ඩෙයාර් ඩෙවිල් කණ්ඩායම මිලදී ගෙන තිබේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 15 කට ආසන්න මුදලකි.

මැතිව්ස්‌ වෙනුවෙන් වූ ලංසු තැබීම ඉන්දීය රුපියල් කෝටි එකහමාරකට ආරම්භ වී ඇති අතර එහිදී මැතිව්ස්‌ ලබා ගැනීම වෙනුවෙන් දිල්ලි ඩෙයාර් ඩෙවල්ස්‌ පිල සමග මුම්බායි ඉන්ඩියන්ස්‌ සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස්‌ යන කන්ඩායම් හරි හරියට ලංසු ඉදිරිපත් කර තිබේ.

මෙම වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි වූයේ ඉන්දීය රුපියල් කෝටි 16කට අලෙවි වූ යුවරාජ් සිං ටයි. ඔහු ද දිල්ලි ඩෙයාර් ඩෙවිල් පිළට එක් කරගෙන තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රබලම ක්‍රීඩකයන් වන කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන සහ ටී. එම්. ඩිල්ෂාන් ඇතුළත්ව සිටියද ඔවුන් කිසිවකුත් මිලදී ගැනීමට එකම කණ්‌ඩායමක්‌ හෝ උනන්දුවක්‌ නොදැක්‌වීම විශේෂත්වයක්‌ වී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>