මැතිව්ස් පරාජයට හේතු පහදයි

null

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ආබාධයන්ට ලක්වූ ක‍්‍රීඩකයන් වෙනුවෙන් ක‍්‍රීඩකයන් ආදේශ කිරීම ශ්‍රී ලංකාවට එතරම් හොඳ නොවූ බව ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ඊයේ (27) පැවැත් වූ ප්‍රථම මාධ්‍ය සාකච්ඡාවේදී හේතෙම මේ බව කියා සිටියේය. එම මාධ්‍ය හමුවට ශ්‍රී ලාකා තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසුරිය මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුනුකරු මාවන් අතපත්තු මහතා ද එක්ව සිටියේය.

ඇන්ජලෝ මැතිව්ස් වැඩි දුරටත් මෙසේ සඳහන් කර ඇත.

‘‘අපේ කණ්ඩායම පළමු තරග හය ඉතාමත් හොඳින් ක‍්‍රීඩා කළා. පිතිකරුවන් සාර්ථක වුණා. අපේ ඉන්න හොඳම පන්දු යවන්නන්ගෙන් තමයි අපි ක‍්‍රීඩා කළේ, මම හිතන්නේ පන්දු යැවීම සහ පන්දු රැකීමත් අපි හොඳම වෙන්න බැරි වුණත් සාර්ථකව කළා. කෙසේ වෙතත් අර්ධ අවසන් පූර්ව තරගයේ පරාජයට පිතිකරුවන්ගේ ආසාර්ථකත්වය හේතු වුණා’’

‘‘ක‍්‍රීඩකයන් ආදේශ කිරීමෙන් අවධානමකට ලක්වුණා. ක‍්‍රීඩකයන් තුන්දෙනෙක්ම පන්දුව වැදිලා ඇඟිලි කඩාගෙන ඉවත්වෙන්න සිදු වුණා. ලෝක කුසලාන තරගාවලිය නිසා එන පීඩනයක් බවට පත්වුණා. පළමු සංචිතයේ ක‍්‍රීඩකයන් 15 දෙනාට එකම තරගයකටවත් ක‍්‍රීඩා කරන්න ලැබුණේ නෑ. ක‍්‍රීඩකයන් ආදේශ කිරීම අපිට එච්චර හොඳ වුණේ නෑ. චන්දිමාල් අබාධයකට ලක්වීම නිසා කණ්ඩායමේ සමබරතාව රැකගන්න කුසල් ආරම්භක පිතිකරු ලෙස අර්ධ අවසන් පූර්ව තරගයේදී ගෙනත් තිරිමාන්න මැද පෙළට ගන්න සිද්ධ වුණා. එහිදී අපි කුසල්ගෙන් වේගවත් ආරම්භයක් බලාපොරොත්තු වුණා’’

අජන්ත මෙන්ඩිස් වැනි ක‍්‍රීඩකයන් ගෙදර තියා නවක පන්දු වන්නකු වන තරිඳු කෞෂාල් අවසන් පූර්ව තරගයට යොදා ගැනීම පිළිබඳව කළ විමසුමකදී මැතිව්ස් මෙසේ පැවසීය.

‘‘පසුගිය කාලේ අපි දඟ පන්දු යවන්න කීප දෙනෙක් බැලූවා. තරිඳු අන්තර් සමාජ සහ ‘ඒ’ තරගවලදී දිගින් දිගටම කඩුලූ 5 බැගින් දවා ගත්තා. ඔහු පිළිබඳව කවුරුත් වැඩිය දන්නේ නෑ. ඒ නිසා කඩුලූ දවාගනී යන විශ්වාසය නිසා තමයි ගෙනාවේ’’

ලෝක කුසලානයට නම් කල සංචිතය තෝරා ගත්තේ තම හෘද සාක්ෂීයට එකඟවද යැයි මාධ්‍යෙව්දීයෙකු ඇසූ පැණයකට පිළතුරු දුන් ශ්‍රී ලාකා තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසුරිය මහතා ප්‍රකාශ කලේ, ලෝක කුසලානයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගත්තේ හෘද සාක්ෂියට එකඟව බවත් ඒ සඳහා වඩාත්ම සුදුසු යැයි සිතූ කණ්ඩායම නායකයා හා පුහුණුකරුවන් සමග සාකච්ඡා කොට නම් කළ බවත්ය.

ලෝක කුසලානයෙන් පසු ඉදිරි තරගාවලි සඳහා සැලසුම් කෙබඳුද යැයි මෙහිදි මාධ්‍යෙව්දියෙකු විමසූ පැණයක‍ට පිලිතුරු සැපයූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුනුකරු මාවන් අතපත්තු මහතා පැවසුවේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉහල නැංවීම සදහා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි. එමෙන්ම තරුණ ක්‍රීඩකයන් සඳහා ස්ථාවර විමට යම් කාළයක් ලබා දිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>