මැරතන් තරගයකදී සිසුවෙකු මියයාම ගැන පරීක්ෂණයක්

null

පාසල් නිවාසාන්තර ක‍්‍රීඩා උළෙලේ මැරතන් තරඟයට සහභාගි වී සිටියදී හදිසියේ රෝගාතුර වී ජීවිතක්ෂයට පත්වූ චමෝද් සත්සර සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

එමෙන්ම ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී කර ගැනීමට පෙර පාසල් සිසුන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම අනවාර්යය බව ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

මේ අතර, අදාල සිසුවාගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂාව සඳහා කොළඹ රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට හම්බන්තොට රෝහලේ අධිකරණ වෛද්‍යවරයා කටයුතු කර ඇත.

අම්බලංතොට – බෝලාන නවෝද්‍යා පාසලේ නිවාසාන්තර ක‍්‍රීඩා උළෙලේ මැරතන් තරගයට සහභාගි වෙමින් සිටියදී චමෝද් සත්සර නමැති මෙම සිසුවා හදිසියේම බිම ඇද වැටි තිබුණි. රෝහලේ ප‍්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ එම සිසුව අම්බලන්තොට රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටි බවයි.

පෙර පළවූ පුවත පහතින්.

මැරතන් තරගයකදී සිසුවෙකු හදිසියේම මරුට

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>