මැරතන් තරගයකදී සිසුවෙකු හදිසියේම මරුට

null

අම්බලන්තොට, බෝලාන මහා විද්‍යාලයේ නිවාසාන්තර කී‍්‍රඩා උළලේ අද පැවති මැරතන් ධාවන තරගයට සහභාගිවූ සිසුවෙකු හදිසියේ මියගොස් තිබේ.

මෙලෙස මියගොස් තිබෙන්නේ එම පාසලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන චමෝද් සත්සර නමැති සිසුවෙකු ය.

අද දින එම පාසලේ නිවාසාන්තර මලල ක්‍රීඩා තරඟයේ මැරතන් ධාවන තරඟයට සහභාගී වූ එම සිසුව කිලෝමීටර් එක හමාරක පමණ දුරක් ධාවයේ යෙදෙන විට හදිසියේ රෝගාතුර වී බිම ඇදවැටී තිබේ.

එයින් පසුව මෙම සිසුවා අම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇතත් ඒ වන විටත් සිසුවා මියගොස් සිටි බව වාර්තා වේ.

පාසල් මැරතන් තරගවලට සහභාගි වූ සිසුන් හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් ඉකුත් වසරේද අවස්ථා කිහිපයකදී ජීවිතක්‍ෂයට පත්වීමේ සිද්ධීන් වාර්තා වු අතර පසුව අධ්‍යාපන බලධාරීන් නියෝග කළේ එවැනි තරගයකට සහභාගිවීමට පෙර කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්කර ශාරීරික යෝග්‍යතාව පරික්‍ෂා කර බැලිය යුතු බවයි.

අම්බලන්තොට බෝලාන මහා විද්‍යාලයේ විදුහල්පති ජේ.වී.පී. කරුණාරත්න මහතා කියා සිටියේ තරගයට ඉදිරිපත් කිරීමට පෙර සියලූ සිසුන් වෛද්‍ය පරීක්ෂණයකටද ඉදිරිපත් කෙරුණු බවයි.

කෙසේ වෙතත් එම දරුවාගේ මියයාම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් පස් දෙනෙකුගෙන් ප‍්‍රකාශ ලබාගෙන ඇතැයි පොලිසිය පවසන අතර අම්බලන්තොට පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හම්බන්තොට මහ රෝහලේදී සිදු කෙරෙන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහුගේ සිරුරේ කොටස් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත එවීමට වෛද්‍යවරුන් තීරණය කර ඇත.

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>