මැරයන්ට බයේ පොලිසියට ඔත්තු දෙන විදිය

null

මීටියාගොඩ බටපොළ ඇතැම් ගම්වැසියන් තමන්ට සිදු වන අසාධාරණයන් පත්තර වල අකුරු කපා අමුණා පොලිසියට තොරතුරු ලබා දීමට කටයුතු කිරීමෙන් ඒ ගැන පොලිසිය කි‍්‍රයාත්මක වෙමින් මෙහෙයුම් කරන බව පොලිසිය පවසයි.

ඊට හේතුව වී ඇත්තේ නිර්නාමික ලිපි යැව්වද පොලිසිය මාර්ගයෙන් මෙම ජාවාරම්කාරයින්ට තම අත් අකුරු හෝ ලැබී තම අනන්‍යතාවය හෙළිවෙතැයි ඇති බිය සැක නිසාය.

පොලිසිය පවසන්නේ මැරයන්ගේ තරම ගැමියන්ගේ බිය මෙමඟින් මනාව පිළිබිඹු වන බවත් ඔවුන් බේරා ගැනීම සඳහා මීටියාගොඩ පොලිස් බල ප‍්‍රදේශයේ මේ දින වල නීති විරෝධී මත්පැන් වැටළීම් හා මැර කණ්ඩායම් සෙවීමේ සාර්ථක මෙහෙයුම් සිදු කිරීමට පොලිසිය පියවර ගෙන ඇතැ බවත්ය.

මීටියාගොඩ අපරාධකරුවන්ට හා හොර මත්පැන් මුදලාලිලාට එරෙහිව ඇතැම් ස්ථානවල පොස්ටර්ද අලවා තිබෙනු දක්නට ලැබුණි.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි අලවා තිබූ එම පෝස්ටර් මීටියාගොඩ හා බටපොළ නගරයේ ජනයා ගැවසෙන අවස්ථා වල දිවා කාලෙය් දී ඉරා දැමීමට තරම් මැරයින්ගේ කටයුතු ප‍්‍රබල වීම ජනතාව බියට පත්වීමට හේතුවක් වී තිබේ. අලවා තිබූ බැනර් පෝස්ටර් පැය කිහිපයක් තුළ ඉරා දැමීමට ඇතැම් මැර පිරිස් හා හොර මත්පැන් මුදලාලිලා දුරකථන මගින් ගම්වැසියන්ට තර්ජනය කර ඇති බවත් පොලීසියට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කර ඇත.

null
null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>