මැරෙන්න යන අයට ෆේස්බුක් පිහිටවෙයි
ලොව ජනප්‍රියම සමජජාලය වන ෆේස්බුක් විසින් එය පරිහරණය කරන පුද්ගලයින් උදෙසා තාක්ෂණික අංශයෙන් කාලයෙන් කාලයට විවිධ අංග හඳුන්වා දීමට කටයුතු කල අතර මේ වනවිට මානුෂීය පැත්තෙන්ද ඔවුන්ට පිහිට වීමට කටයුතු කර තිබේ.
පසුගිය කාලයේදි ෆේස්බුක් වෙත ඇඟිල්ල දිගු කෙරුණේ සංවේදී තාවය ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන සමාජ ජාල වෙබ් අඩවියක් ලෙසයි.
මේ හේතුවෙන් ඔවුන් මානසික සෞඛ්‍ය සංවිධානයක් සමඟ අත්වැල් බැඳගෙන තිබේ. ඒ මානසික පීඩනයේ සහ ජීවිත නැති කරගැනීමේ අරමුණින් සිටින පුද්ගලයන් කෙරෙහි නිසි ආකාරයේ අවධානයක් ලබාදීමේ අරමුණිනි.
මෙහිදී ඔබට ඔබේ මිතුරකු යම් කලකිරීමකින් පසු වනවා නම් හෝ සියදිවි නසාගැනීමට යන බව ඔහුගේ පළකරන දේවල් වෙතින් පෙනී යන්නේ නම් ඒ පිළිබඳව ෆේස්බුක් කළමනාකාරිත්වයට දැනුම් දීමට හැකි වේ. එවිට ඔවුන් මේ පැමිණිල්ල පිළිබඳව තෙවෙනි පාර්ශවයක් විසින් ඔහුගේ හෝ ඇයගේ ෆේස්බුක් එකේ ඇති පලකිරීම් දෙස විමර්ශනය කර උපදෙස් ලබාදීමක් සිදුකරනු ලබයි.
මෙමගින් ඔබේ මිතුරෙකු, වෙනත් සහයකයෙකු හෝ වෙනත් උපදෙස් ලබාගැනීමට පාදයි. ” ඔබ තනි වී නැත. ඔබ වැනි දෙනෙකුට අපි සෑම මාසයකම පිහිට වෙනවා” යැයි නිවේදනයක් ද දිස්වේ.