19 May 2018
මැලේසියා හිටපු අගමැති ළඟ ශ්‍රී ලංකා මුදල් ලක්ෂ 28ක් තිබී හමුවෙයි
හිටපු මැලේසියානු අගමැති නජාබ් රසාක්ට අයත් බවට සැකකරන අත්අඩංගුවට ගත් විදෙස් මුදල් තොගය අතර ශ්‍රී ලංකා රුපියල් මිලියන 2.87ක් තිබී සොයා ගෙන තිබේ.
මිට අමතරව විශේෂ බෑග් 52ක්, අත් ඔරලෝසු 10ක් සහ තවත් සුඛෝපබෝගී භාණ්ඩ සහ මුදල් විශාල තොගයක් සොයාගෙන තිබෙනවා.
නජිබ් රසාක්ට අගමැති ධුරය අහිමි වූ දිනයේ අගමැති නිවහනේ සිට එහි නිල වෑන් රථයකින් පෙට්ටි තොගයක් ක්වාලාලම්පුර් අගනුවර සුඛෝපබෝගී නිවහනක් වෙත රැගෙන ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
එම නිවසේ තිබී අදාල මුදල් සහ භාණ්ඩ තොගය සොයාගෙන තිබෙන අතර එහි සේප්පු ඇතුළු දේපල තව දුරටත් පරික්ෂ කරමින් පවතින බව එරට ආරක්ෂක අංශ පවසා ඇත.