මිත්තණිය දර පළද්දී පොරො පහරක් වැදී සිඟිත්තා මරුට

null

මහියංගණය, දියකොමළ ප්‍රදේශයේදී කුඩා පිරිමි දරුවෙකුට පොරෝ පහරක් වැදීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

සිය මිත්තණිය විසින් දර පළමින් සිටි අවස්ථාවේදී අදාළ දරුවා දර කැබැල්ලක් ගැනීම සඳහා එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී දරුවාගේ හිස ප්‍රදේශයට පොරව පහර වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ දරුවා බිබිල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු එකහමාරක් වන කුඩා දරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>