මිනිසාට සමාන අලූත් මානවයෙක් හමුවෙයි

null

එදා මෙදා තුර ඉතිහාසයේ කිසිඳු දිනක සොයා නොගත් නූතන මිනිසාට සමානකම් කියන නව මානව විශේෂයක් දකුණු අප‍්‍රිකාවේ ජොහැන්නර්ස් බර්ග් නුවරට ආසන්න ගල් ගුහාවක තිබී සොයා ගෙන තිබේ.

ඒ, විද්‍යාඥයින් කණ්ඩායමක් දින 21ක් පුරා සිදුකෙරුණු විශේෂ ගවේෂණයකින් අනතුරුවයි.

හෝමෝ නලේඩි ලෙස නම් කර ඇති මෙම නව මානවයා, වත්මන් මිනිසා පරිණාමය වී ඇති හෝමෝ ගණයෙහිමලා සැලකෙයි. මේ වනවිට, මෙම මානවයාට අයත් අස්ථි කැබලි 1,500ක් පමණ විද්‍යාඥයන් විසින් මතු කරගෙන ඇති අතර, එය මානවයන් 15කගේ පමණ අස්ථි කොටස් සහිත පොසිලයක් බව කියයි.

මෙම මානව විශේෂයේ හිස් කබල, දෑත් සහ දෙපා ඇතුළු බොහෝ කොටස් නූතන මානවයාට සමාන බව විද්‍යාඥයින් පවසයි.

මීට වසර මිලියන 3කට පෙර ජීවත් වූ බව සැලකෙන මෙම මානවයා අවමංගල්‍ය චාරිත්‍ර පැවැත්වූ බවට ද ලකුණු හමුවී ඇති බව සඳහන්. මානව පරිණාමය පිළිබඳ නව මානයන් ඔස්සේ තොරතුරු සොයාගෙන යාමට මෙම සොයා ගැනීම් ඉවහල් වනු ඇති බවයි විද්‍යාඥයින් වැඩි දුරටත් සඳහන් කරයි.

null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>