මිනිසුන් යටකරගෙන ගිය තොණ්ඩමන්ගේ හමර් රථය

thondaman accident

ඌව පළාත් සභා අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමාන් මහතාගේ වාහනයක් බණ්ඩාරවෙල ප්‍රධාන වීදියේදී මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක නිරතව සිටි පුද්ගලයින් පිරිසකගේ ගැටීමෙන් ඊයේ (17) සවස අනතුරක් සිදුව තිබේ.

එම අනතුරින් තොණ්ඩමන් ඇතුළු 24 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූ 50 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ. අනෙක් පිරිස බණ්ඩාරවෙල හා දියතලාව රෝහල් වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කර ඇත.

මැතිවරණ ප්‍රචාරක පත්‍රිකා බෙදමින් සිටියදී හමර් වර්ගයේ මෝටර් රථය අදාල පුද්ගලයින් දෙසට වේගයෙන් පැමිණ අනතුරට ලක්වුවන්ගේ ශරීරයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

තුවාල ලැබූ සෙන්දිල් තොණ්ඩමාන් මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.

අනතුරෙන් පසු රියදුරා පලා ගියද අද ඔහු බදුල්ල පොලිසියට භාරවී ඇත. ඔහු තොන්ඩමන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි.

accident

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>