14 Nov 2014
මිනුවන්ගොඩ ඉන්ධන පිරවුම් හලේ කොල්ලය
මිනුවන්ගොඩ – මැඩෑමුල්ල ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලකට ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එම ඉන්ධන පිරවුම්හලේ තිබූ මුදල් තොගයක් කොල්ලකා පළාගොස් තිබේ.
ආරක්ෂිත හිස් වැසුම් පැළද සිට ඇති කොල්ලකරුවන් පෙරේදා රාත්රියේ මෙලෙස ඉන්ධන පිරවුම්හලට කඩා වැදී ඇත. එමෙන්ම අංක තහඩු රහිත යතුරුපැදියකින් පැමිණි මෙම කොල්ලකරුවන් පැමිණ තිබේ.
තමන්ට අයත් ජීප් රථයකටද වෙඩි තබා හානි සිදු කල බව ඉන්ධන පිරවුම්හලේ හිමිකරු පවසන අතර කොල්ලකන ලද මුදල් ප්රමාණය කොපමණද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.
කෙසේ වෙතත් කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් ඊට අදාළ සී.සී.ටී.වී. දර්ශන සහ ඇඟිලි සලකුණු විමර්ශනය අරඹා තිබේ.