මියගිය කොටි සිහිකර පහන් දල්වලා

null

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්‍ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සිහිකිරීම සඳහා අද දහවල් පහන් දල්වා තිබේ.

2009 යුද්ධයේ අවසන් සමයේ යුද හමුදාව හා කොටි සංවිධානය අතර තීරණාත්මක සටන සිදුවූ මුලතිව්හි වෙල්ලමුල්ලි වයික්කාල් වෙරළ තීරයේ අද පහන් දල්වා මෙලෙස මිය ගිය පිරිස් සිහි කර ඇත.

දෙමළ ජාතික සන්‍ධාන පළාත් සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා පැවසුවේ අවසන් යුධ සමයේ මියගිය පිරිස සිහිකිරීම සඳහා අද සිට සතියක කාලයක් ද ප්‍රකාශයට පත්කර ඇිති බවයි.

යාපනය විශ්ව විද්‍යාල ඇතුළු තවත් ස්ථාන කිහිපයක ද මියගිය අය සිහිකිරීම සඳහා පහන් දල්වා ඇති බව වාර්තා වේ.

උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම්, ඇන්තනී ජෙගනාදන්, එස් ටී රවිහරන් එම අවස්ථාවට සහභාගී වී තිබේ.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>