මිරියබැද්දේ සෝදිසි කිරීම් නවතන ලෙස ඉල්ලීමක්

null

නායයාමට ලක්වු කොස්ලන්ද, මිරියබැද්ද ගම්මානයේ සෝදිසි මෙහෙයුම් නතර කරන්නැයි එහි ජනතාව ඉල්ලිමක් කර තිබේ. මිරියබැද්ද ගම්මානයේ සිදුකෙරෙන සහන සේවා කටයුතුවල ප‍්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ පස්වරුවේ එහි සංචාරයක ගිය අවස්ථාවේ ඔවුන් මෙම ඉල්ලීම සිදුකර ඇත.

හල්දුම්මුල්ල මීරියබැද්ද ප‍්‍රදේශයේ සිදුවු නායයාමෙන් අතුරුදන්වුවන් සොයා කෙරෙන මෙහෙයුම් නතර කරන ලෙසට ඔවුන්ගේ ඥාතීන් ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේ නම් එම මෙහෙයුම් නතර කළ හැකි බව රජය පවසයි.

ඒ අනුව නායයාමෙන් අතුරුදන් වු පුද්ගලයින් ද මියගිය අය සේ සලකා ඔවුන්ට ද මරණ සහතිකයක් නිකුත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳව ජනාධිපති ප්‍රමුකත්වයෙන් සාකච්චාවක් පවත්වා තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

මේ වන විට නායයාමෙන් මියගිය පුද්ගලයින් දස දෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබෙන අතර ඉන් මළ සිරුරු දෙකක් හඳුනාගත නොහැකි තත්ත්වයේ තිබු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>