10 Sep 2015
‘මිල්කෝ’ කිරි ටැංකිවලට විෂ මිශ්රවෙලා
පොළොන්නරුව ගල්ලෑල්ලේ මිල්කෝ කිරි කම්හලේ කිරි ලීටර් 6000කට විෂ රසායනයක් මිශ්‍ර වීමෙන් පාවිච්චියට ගත නොහැකි වී ඇතැයි එහි සේවකයෝ පවසයි.
පොලොන්නරුව දිස්ත්‍රික්කය පුරා සිටින සහ අවට දිස්ත්‍රික්කවල සිටින කිරි දෙනුන්ගෙන් දොවා ගන්නා කිරි තොග රැස් කර තබන ටැංකිවලට මෙසේ විෂ රසායනිකයක් මිශ්‍රවී තිබේ.
ඒ හේතුවෙන් ලීටර් 6000 ක පමණ කිරි තොගයක් ඉවත දමා ඇති අතර එම කිරි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වන බව පැවසේ.
මේ පිළිබදව එහි සාමාන්‍යාධිකාරි සුදත් මුණසිංහ මහතා ගෙන් අප කළ විමසුමක දී ඔහු පැවසුවේ කිරි ලීටර් 6000 කට ආසන්න ප්‍රමානය කට පිරිසිදු කිරීමට ගෙනා රසායනික ද්‍රව්‍යක් කලවම් වී ඇති බැවින් එම කිරි තොගය ඉවත දැමීමට සිදුවූ බවත්, ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවත් ය.