මිලියන 368 වටිනා ඇත්දළ ගෝල්ෆේස් පිටියේදී විනාශ කළ හැටි

null

වසර තුනකට අධික කාලයක්‌ ශ්‍රී ලංකා රේගුව භාරයේ පැවති රුපියල් මිලියන 368 කට අධික වටිනාකමක්‌ සහිත අප්‍රිකානු ඇතුන්ගේ දළ තොගයක්‌ අද (26) ගාලු මුවදොර පිටියේදී ප්‍රසිද්ධියේ තලා විනාශ කර තිබේ.

පුත්තලමේ පිහිටි හොල්සිම් සමාගමේ පිහිටි උදුන්වලට දමා මෙම ඇත්දළ පිළිස්සීමට කටයුතු කරන බව රේගු මූලස්ථානය සඳහන් කරයි.

අද (26) උදේ 11.04 ට ආරම්භවූ කැබලි කිරීමේ කටයුතු සඳහා යන්ත්‍ර 02 ක් යොදා ගත් අතර කැබලි කිරීම පැය 07 ක් පුරා සිදු කරන බව රේගු මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

කැබලි බවට පත්වන කොටස් පොලිස් ආරක්ෂාව යටතේ පුත්තලමට රැගෙන ගොස් පිළිස්සීමට නියමිතය.

කෙන්යාව සහ ඩුබායි අතර සිදු කෙරුණු හොර ඇත් දළ ජාවාරමක්‌ අනාවරණය කර ගනිමින් ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව අංශය 2012 මැයි මස 12 වැනිදා මෙම ඇත්දළ තොගය කොළඹ වරායේදී අත්අඩංගුවට ගනු ලැබීය.

එතැන් සිට වසර තුනකට වැඩි කාලයක්‌ රේගුවේ රඳවාගෙන සිටි මෙම ඇත් දළ තොගයේ ඇත්දළ 359 ක්‌ ඇති අතර කිලෝ 1500 ක්‌ බර මෙහි දළ වටිනාකම රුපියල් මිලියන 370 කි.

ජාත්‍යන්තර ‘සයිටීස්‌’ සම්මුතියේ සාමාජික රටක්‌ ලෙස මෙවන් සත්ත්ව කොටස්‌ විනාශ කිරීමට (වටිනාකම ශුන්‍ය කිරීමට) ශ්‍රී ලංකාව බැඳී සිටින බැවින් මෙසේ අද දින එම ඇත් දළ තොගය තලා කුඩුකෙරෙන අතර අවශේෂ කොටස්‌ උදුනක දමා දහනය කෙරෙනු ඇත.

null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>