මිස්කෝල් එකකින් මව සමග හාදවී දියණියට අතවර කල තරුණයා

null

ගම්පොල වත්තහේන අඟරුමුල්ල පදිංචි පස් දරු මවක් කළුබෝවිල දෙහිවල පදිංචි තරුණයකුට ලබාදුන් මිස් කෝල් එකකින් හිතවත් වී පැමිණ මෙම කාන්තාව නිවසේ නොසිටි අවස්ථාවල ඇගේ 12 හැවිරිදි දියණිය වරින් වර බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර තිබේ.

එම කාන්තාව 48 හැවිරිදි වියේ පසුවන අතර සැකකාර තරුණයා 23 හැවිරිදි ශානක නුවන් බණ්ඩාර වීරකෝන් නමැති අයෙකි.

මෙම දැරියගේ මව විවාහ දෙකක් සිදු කරගෙන ඇති තැනැත්තියක වන අතර ඉන් පළමු විවාහක දරුවන් තිදෙනාම විවාහක වන අතර දෙවන විවාහයේ දරුවන් දෙදෙනාගෙන් 12 හැවිරිදි මෙම දැරිය මෙසේ අතවරයට ලක්ව ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

48 හැවිරිදි මෙම කාන්තාවගේ දෙවන සැමියාද ඇය අතහැර ගොස් සිටින අතර ඉටි රෙදි ගැසූ කුඩා කාමරයක මෙම දරු දෙදෙනා සමග ඇය කාලය ගතකොට ඇත.

දිනක් ඇය යම් කෙනෙකුට දුරකථන ඇමතුමක් දීමට උත්සාහ ගනිද්දී එය වැරදීමකින් දෙහිවල පදිංචි මෙම 23 හැවිරිදි තරුණයාට ගොස් ඇති අතර ඒ අනුව හිතවත් වී මෙසේ එම තරුණයා ඇගේ නිවසට කැඳවා ඇත.

මව සමග එකට ජීවත් වූ මෙම පුද්ගලයා ඇගේ මෙම දියණිය නැහැවීම, ඇඟ සේදීම පවා සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

දිනක් මෙම කාන්තාව ගම්පොල නගරයට ගොස් නිවසට එන විට මෙම පුද්ගලයා දියණිය සමග ඇඳේ සිටිනවා දැකීම නිසා සිද්ධිය හදිසි ඇමතුම් අංශයට ලබා දී ඇත.

අතවරයට පත් මෙම දැරිය පාසලේ 7 ශ්‍රේ‚යේ ඉගෙනුම ලබන අතර ඇය වෛද්‍ය පරීක්ෂණය සඳහා ගම්පොල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලන්ති නීලවල මහත්මිය වෙත ඉදිරිපත් කොට ඇත.

අත්අඩංගුවට ගත සැකකාර තරුණයා ලබන මාර්තු 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කර තිබේ.

සුරංග දිල්හාන්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>