මිහින් ලංකා ගුවන් සමාගම ගොඩනගපු හේතුව

null

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාගේ ජය තහවුරු කිරිම වෙනුවෙන් රැස්වීමක් ඊයේ (24) ඉංගිරියේදී පැවැත්වුනි. එම රැස්වීම සංවිධානය කර තිබුනේ හොරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක යන මහත්වරුන් ඇතුළු පිරිසකි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මිහින් ලංකා ගුවන් සමාගම ගොඩනගපු හේතුව හෙළි කරන ලදී.

ඒ නිව්ස් ෆස්ට් වාර්තා කරන පරිදි පහත අයුරෙනි,

“අපි යුද්දේ ඉවර කරලා ජනතාව අතරට ආවේ රටේ සංවර්ධනයට. වරායන් හැදුවා. ගුවන් තොටුපොළවල් හදනකොට මිහින් ලංකා හදලා ඉදිරිපත් කරනකොට අපිට ඒවා කරන්න උනා. හාමුදුරුවනේ මම එංගලන්තයට ගිහිල්ලා ලංකාවට එන්න 2007 දී ශ්‍රී ලංකන් අපේ ලංකාවේ අහස් යාත්‍රාවකට නගින්න ඉල්ලුවාම මට දෙන්නම් කිව්‍වේ එක ටිකට් එකයි. ආරක්ෂක එක්කෙනාටත් යන්න බැහැ රටේ ජනාධිපති. අයිතිය ලංකාවටලු. ඒවා වික්කා. මට ඒක හින්දා තමයි මිහින් ලංකා හදන්න උනේ. ඒක හින්දා තමයි ඒවා සල්ලි දීලා ගත්තේ.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>