මීටියාගොඩ ව්‍යාපාරික යුවළ ඝාතනයේ දෙදෙනෙක් බාරවෙති

null

පසුගියදා අම්බලංගොඩ මීටියාගොඩ ප්‍රදේශයේදී ව්‍යාපාරික යුවලක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අධිකරණයට භාර වී තිබේ.

ඔවුන් ඊයේ (09) කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණයට භාර වී තිබෙන අතර වැඩබලන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කර ඇත්තේ සැකකරුවන් දෙදෙනා බලපිටිය අධිකරණයට භාර දීමට කටයුතු කළ බවයි.

එලෙෂ අධිකරණයට භාරවී ඇත්තේ මීටියාගොඩ, එරණවිල පදිංචි එම් වසන්ත සහ මීටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ පදිංචි ජේ. අරවින්ද යන පුද්ගලයන් දෙදෙනායි.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරන සැකකරුවන් දෙදෙනා මොවුන් බවත්, ඔවුන්ට ජීවිත තර්ජන තිබෙන බවත් පවසමින් ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙන බවද රුවන් ගුණසේකර මහතා පවසා සිටියේය.

පසුගිය මාර්තු මස පළමුවැනිදා මීටියාගොඩ – කුලීගොඩ පාරේ කුරුඳුතෙල් මඩුවකදී වෙඩි තබා අදාළ ව්‍යාපාරික යුවලගේ ඝාතනය සිදුකර තිබුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>