මීට පසු සිම් පත් ගැනීමේදී පදිංචිය සනාථ කළ යුතුයි
ඉදිරියේදී සිම්කාඩ් පත් නිකුත් කිරීමේදී ග්රාහකයාගේ හැඳුනුම්පත් පිටපතට අමතරව පදිංචිය සනාථ කෙරෙන ලියවිලි ද අනිවාර්යය කෙරෙන ආකාරයේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇතැයි විදුලි සන්දේශ නියාමන කොමිසම පවසයි.
ජංගම දුරකථන සිම් කාඩ් පත් උපයෝගී කරගෙන සිදු කරනු ලබන වංචනික ක්‍රියා වැළැක්වීම උදෙසා මෙම පියවර ගෙන ඇති බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා (අනුකූලතා) මේනකා එච්. පතිරණ මහත්මිය මාධ්‍ය වෙත පවසා ඇත.
සිම්කාඩ් පත් මෙරටට හඳුන්වා දුන් අවදියේ එවන් ක්‍රමවේදයක් තිබුණ ද දුරකථන සමාගම් අතර තරගකාරීත්වය වැඩි වීම නිසා ඒ ක්‍රමවේදය ගිලිහී ගිය බව ද ඇය වැඩිදුරටත් පෙන්වා දී ඇත.
මියගිය අයගේ සහ අස්ථාන ගත වන හැඳුනුම්පත් රියැදුරු බලපත් උපයෝගී කරගෙන සිම්කාඩ් පත් ලබාගෙන සිදු කරනු ලබන වංචා හා අපරාධ දිනෙන් දිනම වැඩි වෙමින් පැවතීම නිසා ඉදිරියේදී මේ ක්‍රමවේදය ක්‍රියාවට නංවන බවත්, තම සිම්පත් කුමන හේතුවකටවත් බාහිර පුද්ගලයන් අතට පත් වීමට ඉඩ නොතබන ලෙසත් ඇය දැඩි ලෙසින් දුරකථන ග්රාහකයන්ට අවවාද කර සිටියි.