මීට වඩා ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණා

null

මැතිවරණ ප‍්‍රතිඵල පිළිබඳව කොළඹ දී ඊයේ (18) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ඡන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තු ආරක්ෂා කරන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ හෘදසාක්ෂියේ සම්මුතියෙන් කියූ පරිදිම විපක්ෂයේ කාර්යභාරය ඉටුකරන බවත්, මෙම ජනවරම රටටත්, රටේ ජනතාවටත් හතුරු ලෙස උපයෝගී කර නොගන්නා බවත් හෙතෙම පැවසිය.

“මෑත කාලයේ පැවැති මැතිවරණ හා සසඳද්දි සැලකිය යුතු නිදහස් හා සාධාරණ මැතිවරණයක් ලෙස පාර්ලිමේන්තු මැතිවරණය හඳුන්වාදෙන්න පුළුවන්. ජ.වි.පෙ. අපි ශක්තිමත්ව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූවා. නමුත් අපි මීට වඩා ප්‍රතිඵලයක් ජනතාවගෙන් අපේක්ෂා කළා. මෙම ජයග්‍රහණය මෑත කාලයේ අපි අත්නොවිඳපු ජයග්‍රහණයක්. ඒ මන්දයත් පසුගිය පාර්ලිමේන්තුවේ අපේ නියෝජනය මීට වඩා අඩු නියෝජනයක්. එමෙන්ම මෙම ජනවරම අපි ඉදිරියේදී පුළුල් ජනතා ව්‍යාපාරයක් වෙනුවෙන් මෙහෙයවීමට කටයුතු කරනවා.”

ආණ්ඩුව හා එක්වී කටයුතු කරන්නේදැයි මාධ්‍යවේදියෙකු විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ සිය පක්ෂය සන්ධාන, සභාගවලට කිසිසේත්ම එකතු නොවන බවත්, ප්‍රධාන පක්ෂ දෙකෙන් මන්ත්‍රීවරු මිලදීගෙන හෝ නැත්නම් වරප්‍රසාද ගෙන ආණ්ඩුවලට පැනීම තම පක්ෂය දැඩි ලෙස හෙළාදකින බවත්ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>