30 Nov 2014
මීරියබැද්ද අවතැන් වූවන්ගේ උපවාසය අවසන්
පසුගියදා මීරියබැද්ද නාය යාමෙන් අවතැන්වුවන් රඳවා සිටින පූනෑගල මහකන්ද තේ කර්මාන්ත ශාලාවේ ආරම්භ කර තිබූ උපවාසය අවසන් කර තිබේ.
ඔවුන් එම උපවාසය ආරම්භ කලේ තමන්ට වියළි ආහාර වෙනුවට පිසූ ආහාර ලබා දෙන ලෙස ඉල්ලමින් ය.
පසුගිය කාලය තුල යුධ හමුදාව ඔවුන්ට පිසූ ආහාර ලබා දුන්නත් පසුව තීරණය කර තිබුනේ ඔවුන්ට පිස ගැනීමට වියළි ආහාර ලබාදීමටය. ඒ හේතුවෙන් අවතැන් වූ ජනතාව උපවාසයක් ආරම්භ කළේය.
පසුව ඊයේ (29) පස්වරුවේ ඌව පළාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා එම ස්ථානයට ගොස් කරුණු පැහැදිලි කර දීමෙන් පසු මෙම උපවාසය අවසන් කෙරුණු බව නෙත් නිවුස් වාර්තාකරයි.