මුතුහෙට්ටිගමට පොලීසියට ඇතුළුවීම තහනම්
නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඊයේ (29) රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කර තිබේ.
නියෝජ්‍ය අමාත්‍යවරයාට බද්දේගම අධිකරණ බලප්‍රදේශයට අයත් කිසිදු පොලිස් ස්ථානයකට ඇතුළුවීමද බද්දේගම ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් මෙහිදි තහනම් කරනු ලැබ තිබේ.
නෙත් නිව්ස් වාර්තා කරන පරිදි බද්දේගම, උඩුගම, නෙළුව, තෙලිකඩ, යක්කලමුල්ල, හිනිඳුම සහ වදුරබ යන පොලිස් ස්ථාන බද්දේගම අධිකරණ බලසීමාවට අයත් පොලිස් ස්ථාන වන අතර එම පොලිස් ස්ථානවලට කිසියම් පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය නම් ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා වෙත අදාල පැමිණිල්ල යොමු කළ යුතු බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර තිබේ.
එමෙන්ම අමාත්‍යවරයාගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසත් විදේශ ගතවීමට අවශ්‍ය නම් ඒ පිළිබඳ අධිකරණය මගින් අවසරයක් ලබාගත යුතු බවට ද මෙහිදී කොන්දේසි පනවනු ලැබ තිබේ.
සැකකරු ලබන ජනවාරී 26දා යළි උසාවියට ඉදිරිපත් කරන ලෙසද නියෝග කෙරිණ.