මුතුහෙට්ටිගම අත්අඩංගුවට පත්වේ

null

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටිය දී රටින් පිටව ගොස් සිටි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද යළි දිවයිනට පැමිණි අවස්ථාවේ පොලිසිය විසින් අත්අංගුවට ගෙන තිබේ.

ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 307 දරණ ගුවන්යානයෙන් සිංගප්පුරුවේ සිට පෙ.ව. 11.15ට දිවයිනට පැමිණියේය.

අත්අඩංගුවට ගැනුණු මිතුහෙට්ටිගම මහතා මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අනිද්දා (30) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

වඳුරඹ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වේදිකාවට ගිනි තැබීම, උඩප්පුවේ කඩ දෙකකට හානි කිරීම හා අත්අඩංගුවේ සිටි තිදෙනෙකු පොලීසියට පැමිණ බලහත්කාරයෙන් රැගෙනයාම යන චෝදනා ඔහුට එල්ලවී ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>