මුතුහෙට්ටිගම ඇල්ලීමට ජාත්‍යන්තර පොලීසියේ සහය ගැනීමේ සූදානමක්

null

නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා දීර්ඝ කාලයක් දිවයිනට නොපැමිණියහොත් ඔහුට අදාළ වරේන්තුව ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

එසේ වුවහොත් එලෙස ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් ඔහු යළි දිවයිනට පැමිණෙන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ මෙන්ම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ද විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි.

වඳුරඹ ප්‍රදේශයේ පැවති විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන වේදිකාවකට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් මුතුහෙට්ටිගම මහතා අත්අඩංගුවට ගැනීමට පසුගිය දා බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කරන ලදී.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>